2012-04-17

කොත්මලේ වාන් දොරටු ඇරේ


ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි වාන් දොරටු වරින්වර විවෘත කිරීමට සිදුවන බව නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතා පවසනවා. ජලාශය පහළ ප‍්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.
දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණය තවත් සති දෙකක් පමණ බලපැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියිග එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ අද (17) සන්ධ්‍යාවේත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.