2012-04-06

පපුවට ඇණ ගසා සොයුරිය මරයි


පපුවට ඇණයක් ගැසීම හේතුවෙන් මතුගම අගලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා. ඇයගේ සහෝදරයා විසින් එම ක්‍රියාව සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඇණය වැදීම හේතුවෙන් මියගොස් ඇති කාන්තාව 37 හැවිරිදි අයෙකු වන අතර ඇය මානසික රෝග‍යකින් පෙළුණු අයෙකු බවට අනාවරණය වී තිබෙනවා. 
ඝාතනයට සම්බන්ධ සැකකරු ද මානසික රෝග‍යකින් පෙළුණු අයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර රත්නපුර, මාඋදැල්ල කොලණිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව රත්නපුර පොලිසිය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.