ලෝක බැංකුවේ ප්‍රධානී තනතුරට යළිත් අමෙරිකානුවෙකු තෝරාගෙන තිබෙනවා. මේ අනුව කොරියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන ආචාර්ය ජිම්යොං කිම් ලබන ජූලි පළමුවැනිදා සිට සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරනු ඇති. 1944 වසරේ ලෝක බැංකුව ආරම්භ වූ දිනයේ පටන් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ අමෙරිකානුවෙක්. එහෙත් එය මෙවර වෙනස්වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබුණා. කිම් සමග ඒ සඳහා තරග කළ නයිජීරියාවේ මූල්‍ය අමාත්‍ය න්ගෝසි ඔකොංජෝද ප්‍රබල තරඟකරුවෙකු වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් ඉදිරි වසර 5ක කාලය සඳහා ලෝක බැංකුවේ ප්‍රධානී තනතුර හිමිව ඇත්තේ ජිම්යොං කිම්ටයි. පනස් දෙවැනි වියේ පසුවන කිම් ලෝක සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළ අයෙක්. එ්ඞ්ස් මර්දන ව්‍යාපෘතිවලදී මෙන්ම ක්ෂය රෝගය මැඩලීමේ ලෝක ව්‍යාපෘතිවලදී ඔහු මහත් කීර්තියක් දිනා සිටිනවා.
2012-04-17
ලෝක බැංකුවේ මුල් පුටුව යළිත් අමෙරිකාවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.