2012-04-18

නිරුවත ඇපේට ගෙන පෙම්වතියට පහරදුන් පෙම්වතෙක් අත්අඩංගුවට


තමා සන්තකයේ ඇති නිරුවත් ජායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර පැරණි පෙම්වතිය නිවසට ගෙන්වාගෙන පහරදුන් බව කියන ලාංකිකයකු ඉතාලි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙක්.  ලාංකිකයා මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පහරකෑමට ලක්වූ තරුණිය රෝහල් පොලිසියට පවසා ඇත්තේ සැකකරුගේ දුරකතනයේ ඇති තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා තමාට නිවසට පැමිණෙන ලෙස තර්ජනය කළ බවයි. එම තර්ජනයට බියෙන් තමා ඔහුගේ නිවසට පැමිණි පසු තමාට ඔහු දරුණු ලෙස පහරදුන් බව අය වැඩිදුරටත් පවසා තිබෙනවා. 
සැකකරු ළඟ තිබී ඇගේ නිරුවත් ජායාරූප අඩංගු ජංගම දුරකතනයක්ද සොයා ගත් බව ඉතාලි පුවත් පත් වාර්තා කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.