2012-04-18

පකිස්ථානයෙන් සය පා දරුවෙක් | With Video


පකිස්තානයේ රෝහලකදී පාද හයක් සහිත බිළිඳෙකු ඉපදී සිටිනවා. එක්ස් රේ තාක්ෂණ ශිල්පියෙකුගේ බිරිඳකට දාව බිළිඳා උපත ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කරච්චි ජාතික ළමා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ජමල් රාසා පැවසුවේ මෙය ඇත්ත වශයෙන් එක් දරු උපතක් නොවන බවයි. දරුවන් දෙදෙනෙකු පිළිසිඳ ගත් අවස්ථාවක එක් අයෙකු මිය යාමෙන් පසු මෙම උපත සිදුව ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළා. විදෙස් වෛද්‍යවරුන්ගේ සහය ලබාගෙන බිළිඳා සැත්කමකට භාජනය කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු කියා සිටියා. මෙවැනි දරු උපත් මිලියනයකට එකක් පමණ සිදුවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. දැනට බිළිඳා ජීවත් කරවීමට ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගෙන ඇතැයි පකිස්තාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.