හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කෙරෙන දිනයක් තවමත් නිෂ්චිතව ප්‍රකාශ වී නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා පවසනවා. මන්තී‍්‍රවරයාගේ කොළඹ පිහිටි නිවසේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදීද නිෂ්චිත දිනයක් ප්‍රකාශ නොවූ බවයි ටිරාන් අලස් මහතා කියා සිටියේ. එහෙත් ඉදිරි දින කිහිපය ඇතුළත සුබවාදී යමක් සිදුවනු ඇතැයි තමා අනුමාන කරන බවද ඔහු සඳහන් කළා. අනෝමා ෆොන්සේකා මහත්මිය සහ ජනාධිපතිවරයා අතර හමුව ඉතා සුහද මට්ටමින් පැවැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
2012-05-17
ෆොන්සේකා එළියට එන දිනය තාම ෂුවර් නැහැලු
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.