ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළ විදෙස් මාධ්‍යවේදියෙකුට ජගත් සංවිධානයේ මාධ්‍ය හැඳුනුම්පත තාවකාලිකව අහිමි කර තිබෙනවා. ඉනර්සිටි ප්‍රෙස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී මැතිව් රසල් ලීගේ මීට මුහුණ දුන් මාධ්‍යවේදියා බවයි ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය කියා සිටියේ. මොහු ජගත් සංවිධාන තොරතුරු වාර්තාකරණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් සදාචාර විරෝධී වාර්තාවක් පළ කළ බවට චෝදනා ලබා සිටිනවා. එ් පිළිබඳ එම සංගමයෙන් පරීක්ෂණයක් පවත්වා ඔහු නිවැරදිකරු බවට පත්වුවහොත් පමණක් අදාළ හැඳුනුම්පත නැවත භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇති. මැතිව් රසල් ලී සිය සභාපතිවරයාට එල්ල කර තිබූ චෝදනාව වූයේ ඔහු ජගත් සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගෙන් මුදල් ලබාගත් බවයි. කෙසේ වෙතත් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ තමා සතු නිවසක් කුලී පදනම මත ලබාදීමෙන් බව සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. එසේම එය මීට වසර 8කට පෙර සිදුවීමක් බවයි ඔහු කියා සිටියේ. එසේම රසල් ලී සිය සභාපතිවරයා හා පාලිත කොහොන මහතා අතර සමීප සබඳතාවක් පවතින අයුරු හුවා දක්වමින් වාර්තා කිිහිපයක් පළ කර තිබුණා.
2012-06-07
ලංකාව විවේචනය කළ විදෙස් මාධ්‍යවේදියාගේ UN මාධ්‍ය හැඳුනුම්පත අහිමි කෙරේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.