2012-06-07

වසර හතරක් ගියත් දුම්රිය පාර විවෘත කර නැහැ


කැළණි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය මාර්ගයක් වසර 04 ක පමණ කාලයක් ගතව ඇතත් විවෘත කර නොමැති බව නෙත් නිවුස් වෙත අනාවරණ වුණා. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අදාල ඉදිකිරීම කළ  ඕස්ටේ‍්‍රලියානු සමාගමේ වසර 03 ක වගකීම් කාලය ද මේ වන විට ඉක්ම ගොස් ඇති බවයි.  ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස එය ඉදිකර තිබෙනවා. අදාල දුම්රිය මාර්ගය සඳහා යොදා ගැනෙන ඔරුගොඩවත්ත ගොඩබිම් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් අධිකරණ නියෝගයක් මත මීට වසර 03 කට පමණ පෙර ඉවත් කෙරුණා. එහෙත් මේ වන විට දිස්ත‍්‍රික් ඉංජිනේරුවරයෙකුගේ මැදිහත් වීමෙන් ජනතාව යළි අනවසරයෙන් පදිංචි වී සිටිනවා. මේ තත්ත්වය යටතේ අදාල මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස භාවිත කිරීමට නොහැකි බවයි වාර්තාවන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසි සැලකිල්ලක් නොමැතිකමින් අදාල දුම්රිය මාර්ගය කැළණි ගඟ හරහා ඉදිකර තිබියදීත් ප‍්‍රයෝජනයට නොගෙන තිබීම විශාල මුදල් නාස්තියක් බවයි එහි සේවකයින් ද පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.