2012-07-23

ලයිට් කපන්නේ මේ විදිහටයි - දිනකට පැය 3 බැගින් ප්‍රදේශ රැසකට විදුලිය කැපේ


හෙට සිට අවම වශයෙන් දින 28 ක් පැය 03 කට ආසන්න කාලය බැගින් දෛනිකව දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික‍්‍රම මහතා පැවසුවේ දිවා කාලයේදී පැය 02 යි මිනිත්තු 15 ක් සහ රාත‍්‍රි කාලයේදී මිනිත්තු 45 ක් බැගින් මෙම විසන්ධි කිරීම් සිදුවන බවයි. ඒ අනුව, පෙරවරු 8 යි 30 ත් පස්වරු 5 යි 30 ත් අතර කාලයන් හීදී සහ පස්වරු 6 යි 30 ත් 9 යි 30 ත් අතර කාලයේදී මෙම විසන්ධි කිරීම් සිදු කෙරෙනු ඇති. සිය ප‍්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් හෝ 1987 යන විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් තම බල ප‍්‍රදේශවල නිශ්චිතවම විදුලිය විසන්ධි වන වේලාව ජනතාවට දැනගත හැකි බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.