2012-07-23

නීතියෙන් ගැලවීමට අපරාධකරුවන්ට ඉඩක් නැහැ - ආරක්ෂක ලේකම් කියයි


අපරාධකරුවන් දේශපාලන සබඳතා මත නීතියෙන් ගැල වී සිටින බවට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි මතයක් ගොඩ නැංවීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බවයි. කිසිදු අවස්ථාවක දේශපාලන හේතූන් අපරාධයක් විසඳීමට බාධාවක් බව ප‍්‍රකාශ නොකරන ලෙස පොලීසියට පැහැදිලිව දැනුම් දී ඇතැයිද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා. ඔහු මේ බව සඳහන් කළේ ‘‘අපරාධ දූෂණ හා ජාතික ආරක්ෂාව’’ යන තේමාව යටතේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති සම්මන්ත‍්‍රණයක් අමතමින්. 
රට තුළ අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇතැයි පළවන මතද මෙහිදී ප‍්‍රතික්ෂේප කෙරුණා. ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ 2006 වැනි වසරවලට සාපේක්ෂව මෙම වසරේ අපරාධ අඩු වී ඇති බවයි. උතුරේ අපරාධ තොරතුරු වාර්තා වීම මෙන්ම ජනගහනය ඉහළ යාමද අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ යාමට හේතු වී ඇතැයි ඔහු කියා සිටියා. කෙසේවෙතත් ප‍්‍රජා දායකත්වයෙන් තොරව අපරාධ අඩු කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අනුව, ඊට වැඩපිළිවෙලක් සකසා ඇතැයිද මෙහිදී අනාවරණ කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.