2012-07-23

හොරෙන් අලවන පෝස්ටර් ගලවන්න පොලීසියට රුපියල් ලක්ෂ 50ක්


නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් පොලීසියට ලබා දී තිබෙනවා. පොලිස් මැතිවරණ කාර්යංශයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවසුවේ සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් හී පොලිස් ස්ථාන 108 ක් වෙත මෙම මුදල බෙදා හැරීමට නියමිත බවයි. පළාත් සභා 03 ක් වෙනුවෙන් පැවැත්වෙන මෙම මැතිවරණයේදී පෝස්ටර් ඉවත් කිරීම සඳහා යොදා ගැනෙන කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට මෙම මුදල් භාවිත කෙරෙනු ඇති.
මේ අතර නීති විරෝධි අයුරින් ප‍්‍රචාරක කටයුතු සිදුකරන ආධාරකරුවන් පමණක් නොව අපේක්ෂකයින්ට එරෙහිවද නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. අදාළ අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීම් යටතේ එම ක‍්‍රියාමාර්ග ගැනෙනු ඇති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.