2012-07-23

Z Score ගැටලු අරන් උසස් පෙළ සිසුන් මානව හිමිකම් කොමිසම හමුවට


උසස් පෙළ ඉසෙඞ් අගයන් නැවත නිකුත් කිරීමේදී දිස්ත‍්‍රික් කුසලතාවයේ ස්ථානය පහත වැටුණු සිසුන් අද පස්වරුවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියකින් සිය ඉල්ලීම් භාර දීමෙන් අනතුරුවයි. දිවයිනේ නොයෙකුත් ප‍්‍රදේශවලින් පැමිණි ඉකුත් වසරේ විභාග අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ තමන්ට මීට ඉහත ලැබුණු දිස්ත‍්‍රික් කුසලතාවය අනුව හිමිව තිබූ පාඨමාලා මෙන්ම ඇතැම් විට විශ්වවිද්‍යාල වරම්ද නව කුසලතාවට අනුව අහිමි වන බවයි. එම අසාධාරණය වලක්වන්නැයි තමන් ඉල්ලා සිටි බව නෙත් නිවුස් වෙත අදහස් දැක් වූ මවක් ප‍්‍රකාශ කළා.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ දිස්ත‍්‍රික් කුසලතා වෙනස් වීමෙන් සිසු පිරිසකට සිදු වී ඇති අසාධාරණය වැළැක්විය නොහැකි බවයි. ඒ අනුව, මීට පෙර ඉසෙඞ් අගයෙන් අසාධාරණයක් සිදු වූ සිසුන්ට මෙන්ම මෙම සිසුන්ටද සාධාරණය ඉටු කළ යුතු බව එම බලමණ්ඩලය අවධාරණය කරනවා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට මෙම සිසුන්ට ඉඩදීමෙන් පමණක් ගැටළු නොවිසදෙන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.