2012-07-24

අලියාට බියෙන් වනයට දිව් තරුණයා බඳින තුවක්කුවට බිලි


ගල්කිරියාගම කිරලව  ප‍්‍රදේශයේදී වෙඩි වැදීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වන අලියෙකුට බිය වී වන ලැහැබකට පලා යාමේදී දඩයම් සඳහා බඳින තුවක්කුවක් කි‍්‍රයාත්මක වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව SLM News වෙත වාර්තා වුණා. මියගිය පුද්ගලයා උක්බෝගම අලූත්කනාඩුගම ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි එක්දරු පියෙක්. අනතුර සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයා සමග රැඳී සිටි තිදෙනෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීමකදී අයෙකුගේ නිවසේ තිබී ගිනි අවියක් සොයා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් එය බලපත‍්‍ර සහිත ගිනි අවියක් බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර කරන්දෙණිය ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමට ලක්වූ අයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා යතුරු පැදියකින් යමින් සිටියදී ප‍්‍රහාරයට ලක් වුණා. ප‍්‍රහාරය එල්ල කර ඇත්තේද යතුරු පැදියකින් ඔහු හඹා ආ දෙදෙනෙක්.  මියගිය පුද්ගලයා කරන්දෙණිය අඟනකැටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.