2012-07-24

ස්ත්‍රී දූෂකයෙකු රකින්න අකුරැස්ස වැසියන් පිරිසක් උද්ඝෝෂණයක


අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ඊයේ (23) පෙරවරුවේ අකුරැස්ස නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.
මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අකුරැස්ස නගරයේ විකල්ප මාර්ගයට යාබදව ඇති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට බුද්ධ ප්‍රතිමාව අසලට රැස් වී බෝධි පූජාවක් ද සංවිධානය කර තිබුණි.
ඒ සදහා භික්ෂූන් වහන්සේ නමක්ද වැඩම කරවා තිබිණ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම ස්ථානයේ සිට අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම්පොළ අසලට පැමිණියහ. ඔවුන් ප්‍රකාශ කළේ කුහක දේශපාලනයේ කුමන්ත්‍රණයක් නිසා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙවන් ඉරණමක් අත් වී ඇති බවයි.
මේ නිසා ඔහුට සාධාරණය ඉටු කොට නිදහස ලබා දී සභාපති ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
සාරුව සුනිල් යනු කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ගොසිප්9 විසින් මෙයට පෙර හෙළිකරනු ලැබුවේය. කාන්තාවන් 100 දෙනෙකු සමග යහන්ගත වීමෙන් හෝටල් වල පාටි දමන, බාල වයස්කාර දැරියක ළඟ තබා ගෙන වරින් වර දුෂණය කල ඔහු වැනි පුද්ගලයෙකු වෙනුවෙන් උද්ඝෝෂණයට එක්වූ මෙවන් පිරිස් පිලිබඳ කිව යුතු දෙයක් නැත. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබුනේ මොනවදැයි යන්න අප නොදනිමු.
ලංකාවේ පවතින දේශපාලනයේ සැබෑ ස්වරුපය මින් හෙළිවී ඇති අතර හෙට දිනයේ සාරුව සුනිල් නැවත දේශපාලනයට පැමිණියහොත් අප පුදුමයට පත්විය යුතු නැත.


උපුටා ගැනීම - ගොසිප්9 වෙබ් අඩවියෙනි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.