2012-07-23

අලියාගේ පිටේ ඉන්න කුරුණෑගල තරුණ මන්ත්‍රීවරයෙක් බුලත් ගන්න සූදානම්ලු


ඉදිරි පළාත් සභා මැතිවරණවල ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රජය සමග එක් වෙමින් පිල් මාරුවට සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදාල මන්ත‍්‍රීවරයා රජයේ ඉහළ පෙලේ නායකයෙකු මුණගැසී ඇතැයිද දැනගන්නට ඇති අතර සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය නොවේ.
ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් මැතිවරණයකදී පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා වශයෙන් එම මන්ත්‍රීවරයා ඉදිරිපත්වීමටද සාකච්චා කර ඇතැයි පැවසේ. ඔහු පසුගිය සමයේ එජාප අභ්‍යන්තර අරගලය තුළ කැපී පෙනුනු මන්ත්‍රීවරයෙකි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.