2012-07-27

පොලීසියේ පහකට හදිසි මාරුවීම්


සේවයේ අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ඞී.ජී.එස්. සංජීව මහතා තිහගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක එස්.පී.එන්. ද සිල්වා මහතා ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත්කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි පොලිස් පරීක්ෂක පී.එම්. උඩුමලගල මහතා කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.