2012-07-26

ඉන්දීය විදේශ ඇමැති ලංකාවට බලපෑම් කරයි


අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයන් 23 දෙනා නිදහස් කිරීම කඩිනම් කිරීමට ලක් රජය කටයුතු නොකරන්නේ නම් එය දෙරටේ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතාවලට බාධාවක් විය හැකි බව ඉන්දීය රජය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා මහතා පෙන්වා දෙන්නේ තම ධීවරයන් නිදහස් කිරීමට ලක් රජය වහා කටයුතු කළ යුතු බවයි. ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංගණය කළ ඉන්දීය ධිවරයින් 23 දෙනෙකු ශී‍්‍ර ලංකා නාවික හමුදාව මගින් මන්නාරම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා. එම පිරිස වහා නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ද පසුගිය සඳුදා අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. කෙසේ වෙතත් "ද හින්දු" පුවත්පත අද ප‍්‍රකාශ කළේ ධීවරයන් නිදහස් කිරීම පිළිබඳ එරට විදේශ අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා මහතා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන්ද විමසීමක් කර ඇති බවයි. මුහුදු සීමා උල්ලංණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ධීවරයන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.