2012-07-26

ඇතැම් නිර්දේශ කි‍්‍රයාවට නැංවීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා මතු වනවා - රජය


උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් නිර්දේශ කි‍්‍රයාවට නැංවීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා මතුවිය හැකි බව රජය පවසනවා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම වාර්තාවේ ඇති  නිර්දේශ බහුතරයක් දැනටමත්  කි‍්‍රයාත්මක කර ඇති බවයි.
 
මේ අතර උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ කි‍්‍රයාවට නැංවීම සඳහා ක‍්‍රියාකාරී ජාතික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. එම සැලැස්ම කි‍්‍රයාවට නංවනු ලබන්නේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.