2012-07-23

සන්ධාන නාම යෝජනා ලැයිස්තුවේ ඥාතීන් ගැන ගයන්තගෙන් හෙළිදරව්වක්


ආණ්ඩුව බොරුවෙන් රට කරවන බව මෙවර පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාවලින්ද තහවුරු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.  එහි මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාදුන් පොරොන්දුවක් එමඟින් ද කඩ වී ඇති බවයි. දේශපාලන බලය ප‍්‍රාදේශීය මට්ටමින්ද සුළු පිරිසක් අත රඳවා ගැනීමේ උත්සාහය එමඟින් නිරූපණය වන බවද ඔහු කියා සිටියා. මන්ත‍්‍රිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
රජය ඉකුත් සතියේ ලබාදුන් භාණ්ඩ මිළ සහනයද ජනතාවට දැනී නැතැයි චෝදනා කෙරුණා. මන්ත‍්‍රිවරයා පැවසුවේ ඉදිරි මැතිවරනයේදී එහි ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.