2012-07-23

ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා නොදමන්න


ප‍්‍රතිපත්ති මත ක‍්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති කිසිවක් අතරමග නවතා නොදමන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම නිළධාරීන්ගේ වගකීම වන බවයි. අමාත්‍යංශවලට පැවරෙන වගකීම් ඒ අයුරින්ම   ඉටු කිරීමට නිළධාරීන් වග බලාගත යුතු බවද අවධාරණය කෙරුණා. නුවරඑළිය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම තම ප‍්‍රධානත්වයෙන් අද රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියා.
මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඇතැම් අවස්ථාවල අමාත්‍යවරුන්ගේ විෂයපථ මාරුවන අවස්ථාවලදී සංවර්ධන ව්‍යාපෘති ද ඇණ හිටින බවයි. අමාත්‍යවරුන් වෙනස් වුවද එම ව්‍යාපෘති වෙනස් විය යුතු නැතැයි අවධාරණය කෙරුණා. මේ අතර ස්වභාවික ආපදාවලදී රජයේ ආයතනවල ක‍්‍රියාකාරීත්වය වඩාත් ශක්තිමත් කිරීම මෙන්ම නානුඔය සිට රාගල දක්වා දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.