2012-07-21

කොටකෙතනේ වැසියන් තවදුරටත් අනාරක්ෂිතයි - පොලිස් සමීක්ෂණයකින් හෙළි වෙයි


මවක් සහ දියණියක් නිවසක් තුළ දි පිළිස්සි මිය ගිය කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේ තවත් නිවාස 158 ක් එවැනි අපරාධ අවදානමකට ලක්ව ඇති බව වාර්තා පළ වනවා. පොලිසිය කළ සමික්‍ෂණයකින් හෙලිව තිබෙන්නේ එම ප‍්‍රදේශයේ නිවාස 20 ක කාන්තාවන් හුදෙකලාව ජීවත්වන බවයි. තවත් නිවාස 40 ක කාන්තාවන් පමණක් ජීවත් වන බව ද නිවාස 98 ක වැන්දඹුවන් ජිවත්වන බව ද හෙලිව තිබෙනවා. හුදෙකලාව ජීවත්වන කාන්තාවන්ට සහ පිරිමින් නොමැති නිවාසවල කාන්තාවන්ට පොලිසිය උපදෙස් දී තිබෙන්නේ එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සහතික කරනතුරු කිසියම් ඥාතියෙකුගේ නිවසක් වෙත ගොස් සිටින ලෙසයි. වටපිටාව සම්බන්ධයෙන් වඩා විමසිලිමත් වන්නැයි වැන්දඹුවන්ට ද උපදෙස් දි තිබෙනවා.
මේ අතර මෙම වසර ඇතුලත කොටකෙතන ප‍්‍රදේශයෙන් වාර්තා වු ද්විත්ව ඝාතන සංඛ්‍යාව 03 ක්. පෙබරවාරි මස 02 වැනිදා මවක් සහ දියණියක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කෙරුණා. දෙවැනි ද්විත්ව ඝාතනය සිදුවුයේ මැයි මස 31 වැනිදායි. සහෝදරියන් දෙදෙනකු ඝාතනය කිරීමෙන් පසු නිවසේ දීම පුළුස්සා දමා තිබුණා. මවක් සහ දියණියක් නිවසක් තුළ දී ඝාතනය කර පුළුස්සා දැමීමෙන් පෙරේදා සිදුවු අපරාධය 03 වැනි ද්විත්ව ඝාතනයයි. කොටකෙතනට යාබද  ඕපාත සහ දිබුල්වල යන ප‍්‍රදේශවල ද මෑතදී එවැනි ඝාතන සිදුව තිබෙනවා.  ඕපාත ප‍්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදායි. ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 04 වැනිදා දිබුල්වල ප‍්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.