2012-08-10

නීති විරෝධීව කැන්ගරුදේශයට යාමට සූදානමින් සිටි විසි දෙදෙනෙක් අත්අඩංගුවට


නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලායාමට සූදානමින් නාත්තන්ඩිය, තුම්මෝදර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි බව කියන 13 දෙනෙකුට වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 119 අංකයට ලද තොරතුරක් මත ඉකුත් 09 වැනි දින රාත්‍රීෙය් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සියලුම දෙනා දෙමළ ජාතිකයින් බව පොලීසිය පවසනවා. මේ අතර ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් සිටි තවත් 06 දෙනෙකුද හලාවත පොලීසිය විසින් බංගදෙනිය, කරුකුපනේ ප්‍රදේශයේදී 09 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකුරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.