2012-08-09

සූර්වී සිටි රාලහාමිලාට යන්න දුන්නාට පොලීසියේ 5කගේ වැඩ තහනම්


බීමත්ව මිහින්තලේ ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටියදී සහකාර පොලිස් අධිකාරිවරයකුට අසුවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොලීසියට රැගෙනවිත් එහි රඳවා සිටියදී ඔවුනට ඉවත්ව යෑමට ඉඩදීම සම්බන්ධයෙන් රාත්‍රී රාජකාරියේ යෙදී සිටි උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු පස් දෙනෙකුගේ වැඩ තහනම් කොට ඇත. පසුගිය 6දා රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු බීමත්ව සිටින බවට අනුරාධපුර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත සහකාර පොලිස් අධිකාරිවරයකු යවා හදිසි පරීක්ෂණයක් සිදු කිරීමේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බීමත්ව සිටි බව හෙළි වී ඇති අතර ඔවුන් පොලීසියේ රඳවා තැබීමට රාත්‍රී රාජකාරි බාර උප පොලිස් පරීක්ෂකවරයාට බාරදී ඇතිමුත් ඔහුගේ නොසැලකිලිමත්කමින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලීසියෙන් බැහැරට ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාත්‍රී රාජකාරී බාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාගේත්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේත් පොලිස් රියැදුරුගේත් සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය. ඉදිරියේදී මොවුන්ට චෝදනා පත්‍ර ලබාදීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.