2012-08-09

මරණ දඬුවම ලැබූවෙක් අධිකරණයේදී ගෙල කපාගෙන


නුවරඑළිය මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක වැරදිකරුවූ පුද්ගලයෙක්  මරණ දඬුවම නියම කරන බව ප්‍රකාශ කරද්දී බ්ලේඩ් තලයකින් ගෙළ කපා ගත්තේය. ඔහු වහා රෝහල් ගත කෙරුණා. 2006-7-16 වැනි දින රාමසාමී ලිංගේෂ්වරී නම් පෙම්වතිය ගිනි තබා මරා දැමූ රාමයියා ක්‍රිෂ්ණමූර්ති (32) මරණ දඬුවම නියම කරන ලද්දේ එම්.එන්.ඒ. ගපුර් මහාධිකරණ විනිසුරු විසිනි. ක්‍රීෂ්ණ මූර්ති වතු සේවකයකි. ඔහුගේ තත්ත්වය බරපතල නැති බව වෛද්‍යවරු පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.