2012-08-10

නියෝජ්‍ය ඇමැති සරණ කෝටි දෙකක කප්පම් ඉල්ලුවාලු



අත්තනගල්ල "ග්‍රීන්පාක්" නිවාස ව්‍යාපෘතිය අවහිරයකින් තොරව කරගෙන යාමට ඛනිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලා සිටින බවත් ඒ සඳහා දින රහිත චෙක්පත් දෙකක්ද ලබාදී ඇති බවත් ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපෘති භාරකරුවෙකු පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා.
එම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ බත්තරමුල්ල, පැලවත්ත එම්.ඩී.එච්. පුරයේ අංක 70 දරන ස්ථානයේ පදිංචි දුමින්ද ලංකා ලියනගේ නමැති අයෙක්.
ඊයේ උදේ පොලිස් මූලස්ථානයට පැමිණ ඔහු පැමිණිලි කර ඇත්තේ ඒ සඳහා ඔහු දින රහිත චෙක්පත් දෙකට අමතර රුපියල් ලක්ෂ 50 ක මුදලක් ද අදාළ නියෝජ්‍ය ඇමතිවරයාට ලබා දී ඇති බවයි.
හොරගොල්ල ප්‍රදේශයේ ඉදිවෙන ,ග්‍රීන්පාක්, නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අවසර ලබාගෙන ඇති බවද ඔහු විසින් සිය පැමිණිල්ලේ සඳහන් කොට ඇති බව වාර්තා වනවා.
මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිවෙන නිවාස සංඛ්‍යාව 350 කි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.