2012-10-31

දෙසැම්බර් 21 කළුවර වන කතාව සම්පූර්ණ බොරුවක්

ග්‍රහලෝක සියල්ල ලබන දෙසැම්බර් මාසයේදී එකම රේඛාවකට පැමිණෙන බවට සහ ඒ මාසයේ දින තුනක් එක දිගට කළුවරව පවතින බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු විද්‍යාත්මක සත්‍යතාවක් නැතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා  පවසනවා. එය මිනිසුන් බියගැන්වීම සඳහා ඊමේල් පණිවුඩ ඔස්සේ පැතිර යන අසත්‍ය කටකතාවක් පමණක් බවද චන්දන ජයරත්න මහතා පවසනවා. මේ වසරේ දෙසැම්බර් 21දා වනවිට ලෝකය විනාශයට පවත්වන බවට ඉකුත් කාලයේ පැවැති කටකතාවලට සමගාමීවම පැතිරී යන මෙම මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කීය.

1 comment:

  1. 2012 දෙසැම්බර් 21 කියන්නේ වෙනදා වගේම තවත් එක් සාමාන්‍යය දිනයක් පමණයි.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.