2012-11-02

පොලිස් කණ්ඩායම් 4ක් කහවත්තේ ඝාතකයන් සොයා මෙහෙයුමක


කහවත්ත, වරාපිටිය ප‍්‍රදේශයේ දී සිදුවු දෙදරු මවගේ ඝාතනය පිළිබඳ පරික්‍ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇතැයි රත්නපුර ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවා. ඝාතනය සිදුවු නිවස ඉදිරිපිට ලඳු කැලෑ ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පොලිස් කණ්ඩායමක් විසින් පරික්‍ෂාවට ද ලක් කෙරුණා. දෙදරු මවක් වන යු.ජී චන්ද්‍රාවතී මහත්මිය පසුගිය බදාදා ඝාතනය කර තිබුණා. ඝාතනයෙන් පසු ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබෙනවා. මීට ඉහත ප‍්‍රදේශයේ සිදුවු ඝාතනවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීති ක‍්‍රියාමාර්ග ගෙන තිබියදී යළි ඝාතනයක් සිදුවිම පිළිබඳ ප‍්‍රදේශවාසීන් විමතිය පල කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.