වයස අවුරුදු 48ක පමණ විදුහල්පතිනියකට ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු එම චෝදනාවලින් අද නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ, කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතාගේ නියෝගයකට අනුවයි. කැබිතිගොල්ලෑව, තිත්තගොනෑව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම්. ඩිංගිරිබණ්ඩා සරත් කුමාර මහතා මෙලෙස නිදහස් කෙරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ. නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ මෙම නඩුව මුල සිටම එකම ස්ථාවරයේ පවත්වා ගෙන යාමට පැමිණිලිකාරිය අසමත් වී ඇති බවයි. එහෙත් විත්තිකරු නඩුව මුල සිටම එකම ස්ථාවරයේ පවත්වා ගෙන ගොස් තිබෙනවා. එම නිසා පැමිණිලිකාරිය විසින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට අසමත්ව ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවයි මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ.
2012-10-24
විදුහල්පතිනියට ලිංගික අතවර කළ නියෝජ විදුහල්පති නිදොස් කොට නිදහස් කරයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.