2012-11-17

තිදෙනෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට


අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත ගොඩකවෙල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොඩකවෙල පොලිස් ස්ථානය තුළදී මෙම පහරදීම සිදුව තිබෙනවා. තියුණු ආයුධයකින් මෙම පහරදීම සිදු කර ඇති අතර ඉන් තුවාල ලැබූ කාන්තාව රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ඇයට ශල්‍යකර්මයක්ද සිදු කර ඇති බවද වාර්තා වනවා. පහරකෑමට ලක් වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා ගොඩකවෙල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.