2012-11-17

සපුගස්කන්දේ කාන්දුව ගැන CPCයෙන් විශේෂ පරීක්ෂණයක්


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අලුත්වැඩියා කටයුත්තක් අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. තෙල් පිරිපහදුවේ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදන කොටසේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටිය දී සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් ආග්‍රහණය කළ සේවකයින් 9 දෙනෙකු ඊයේ පස්වරුවේ රෝහල් ගතකරන කෙරුණා. ඉන් සේවකයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත් වූ අතර අනෙක් සේවකයින් 7 දෙනා කොළඹ ජාතික රෝහලේල රාගම රෝහලේ සහ කිරිබත්ගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
අදාළ ගැස් කාන්දුව සිදුවූ ස්ථානය ඊයේ රාත‍්‍රිය වන විට යථා තත්ත්වයට පත් කළ බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කළමනාකරු නීල් ජයසේකර මහතා පවසනවා. 
අනතුරට පත්වූ සේවකයින් සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බව ද වාර්තා වනවා.
ඒ අනුව මෙම අනතුරින් මිය ගිය සේවකයින් දෙදෙනාගේ අවසන් කටයුතු සංස්ථාවේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණ කර ඇති අතරල තුවාල ලබා රෝහල් ගතව සිටින සේවකයින්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ සුබසාධන කටයුතු ද සංස්ථාවෙන් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අදාළ ගෑස් කාන්දුවීමත් සමග කිසිදු පරිසර හානියක් සිදුවී නොමැති බව සපුගස්කන්ද තෙල් පිරිපහදු බලධාරීන් අවධාරණය කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.