මහජනතාවට හිරිහැරයක් වන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විසින් තිහගොඩ නායිම්බල ප්රදේශයේ පවත්වාගෙන ගිය බව කියන සත්ව ගොවිපොළක් දෙසතියක් තුළ එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් උදේෂ් රණතුංග මහතා එම ගොවිපළේ කළමනාකරුට නියෝග කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් සමිතියක් පිහිටුවා ගෙන කාලයක් තිස්සේ පවත්වාගෙන යන ඌරන් සහ කුකුළන් ඇතිකිරීමේ ගොවිපොළ ප්රදේශවාසීන්ට හිරිහැර සිදුවන බවට මිදෙල්ලවල පුරාණ විහාරාධිපති හක්මන ඥානවිමල නාහිමියන්ගේ උපදෙස් පරිදි ප්රදේශවාසීන් පිරිසක් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පසුව තිහගොඩ පොලිසියේ ස්ථානාධිපති ඞී.ජී.එස්. සංජීව මහතා අපරාධ නඩු විධි විධාන සංග්රහයේ 98 වගන්තියේදී දැක්වෙන මහජන පීඩා යටතේ මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.