ශ්‍රේෂ්ඨාධීකරණය මගින් ලබාදුන් බව කියන නිර්දේශය පිළිබඳ අද පෙරවරුවේදී රැස්වී තීරණයක් ගන්නා බව අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කරන තේරීම්කාරක සභාව පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් කිසිදු නිර්දේශයක් තේරීම්කාරක සභාවට මෙතෙක් ලැබී නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 තුන වගන්තිය පිළිබඳ අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දෝෂාභියෝගය විමර්ශනය කිරීම පිළිබඳ සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අදාළ තේරීම් කාරක සභාවට දැනුම් දුන්නා. එහෙත් ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිවලින් පමණක් ඒ පිළිබඳ දැනුවත් වූ බවයි. එසේ වුවද කලින් සැලසුම් කර ගත් පරිදි අද දිනයේදී තේරීම් කාරක සභාව රැස්වන බව ඒ මහතා කියා සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කෙරෙන තේරීම්කාරක සභාව නම් කිරීමෙන් පසු මසක් ඇතුළත එහි වාර්තාව නිකුත් කළ යුතුයි. එහි කාලය දීර්ඝ කර ගන්නේ නම් පාර්ලිමේන්තුව විසින් ඊට අනුමැතිය ලබාගත යුතු බවයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ.
මේ අතර කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ.ඞී. ලාල් කාන්ත මහතා මෙම දෝෂාභියෝග යෝජනාව පිළිබඳ අදහස් දැක්වුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.