අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අධිකරණයේ පනවා ඇති නඩුවලට පෙනී සිටිමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ රාත‍්‍රීයේ පැවති එම සංගමයේ විශේෂ රැස්වීමක දී මෙම තීරණයට එළැඹි බවයි. එමෙන්ම දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදාල වන කාරණා පිළිබඳ නීති පියවර ගැනීම සඳහා නීතිඥ මණ්ඩලයක් පත් කර ගැනීම ද මෙහිදී සිදු කෙරුණා. අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයේ විශේෂ තේරීම්කාරක සභාව පළමුවරට රැස්වුණේ පසුගිය සිකුරාදා දිනයේ දියි. එම කාරක සභාව දෙසැම්බර් 04 වැනිදා යළි රැුස්වීමට නියමිතයි.
2012-11-25
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය දෝෂාභියෝගයට එරෙහි නඩුවලට පෙනී සිටිමට තීරණය කරයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.