තමන්ට එරෙහි දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කෙරෙන තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටීමට අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. අගවිනිසුරුවරිය සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.. අදාළ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කිරීම පිළිබඳ සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායකවරයාට ලැබී තිබෙනවා. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කර ඇති බවයි. ඒ අනුව එම තේරීම් කාරක සභාව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.