රාගම, වල්පොල, සූරවීර මාවතේ පදිංචි කාන්තාවක සැමියා සමඟ ඇති වූ ආරවුලකදී සැමියා බිය කිරීමට සිරුරට භූමිතෙල් වත්කරගත් අවස්ථාවේ සැමියා ගිනිකූරක් පත්තුකර සිරුරට විසිකිරීම හේතුවෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ පසුගිය 06දා සිදුවී ඇති මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා සිටි එම කාන්තාව පෙරේදා (25දා) මියගොස් ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 21 හැවිරිදි සන්දනම් ලක්‍ෂිකා නිරෝෂණී නමැති කාන්තාවකි. සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.