ආමර් වීදිය, ග්‍රෑන්ඩ්පාස් පාරේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 3 ක් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ මව පියා සහ පුතෙකු බවයි පොලීසිය පවසන්නේ. පියාගේ සහ පුතාගේ සිරුරු ඇඳක් උඩද මවගේ සිරුර විදුලි පංකාවක එල්ලෙමින් ද තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. සෙනසුරාදා සවස සිට ඔවුන් ගැන තොරතුරක් නොවූ බව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව කළ සොයා බැලීමකදී මළ සිරුරු සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ. මොවුන් තිදෙනා සිය දිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
2012-11-27
ග්‍රෑන්ඩ්පාස් නිවසක් තුළ මළ සිරුරු තුනක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.