2012-11-27

කඨිනයට සූදානම් වූ දායකයන්ට පහර දුන්නාට විරෝධය පා හිමි නමක් උපවාසයේ

තම විහාරස්ථානයේ කඨින පුජෝත්සවයට සුදානම් වෙමින් සිටි පිරිසකට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පහර දී තුවාල සිදු කිරීමට විරෝධය පාමින් වෙන්නප්පුවල සිරිගම්පල, කිරිමැටියාන වත්ත ශ්‍රී ලංකාතිලක විහාරයේ විහාරාධිපති පුජ්‍ය තිස්සමහාරාමයේ සංඝානන්ද හිමියන් සිය විහාරස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.
අද (26) පස්වරු 6.00 ට පමණ විහාරස්ථානයේ කඨින පිංකම සදහා දායක පිරිස සුදානම් වෙමින් සිටින විට කඩු, පොලු සහිතව පැමිණි පිරිසක් ඔවුන්ට පහර දී ඇති බව උපවාසය ආරම්භ කර ඇති ස්වාමීන් වහන්සේ සදහන් පවසනවා.
සිද්ධියෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔවුන් මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.