තමිල්නාඩු කුඩන්කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති න්‍යෂ්ටික බලාගාරය නිසා ශී‍්‍ර ලංකාවට න්‍යෂ්ටික විකිරණ අවධානමක් එල්ල වන බවත් සමුද්‍ර ජෛව විවිධත්වය විනාශ වී යා හැකි බවත් න්‍යෂ්ටික බලයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. මේ බලාගාරයේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දියාව ශී‍්‍ර ලංකා රජයට කිසිඳු සහතිකයක් ලබා දී නැති බවද පෙන්වා දෙන එම ව්‍යාපාරයේ ශී‍්‍ර ලංකා සමිබන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් සහ ඉන්දීය සම්බන්ධීකාරක පරිසරවේදී උදය කුමාර් යන මහත්වරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ බලාගාරයේ අපද්‍රව්‍යවලින් කොටසක් මුහුදට දැමීමට සැලසුම් කර ඇති බවද තහවුරු වන බවයි.
එමඟින් සමුද්‍ර ජෛව විවිධත්වයට බලපෑම් එල්ල වන බවත් ජලජ ශාක විනාශ වීම මත්ස්‍යයන් මියයෑම වැනි අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු විය හැකි බවත් සඳහන් කරන අදාළ ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සහ රුසියාවේ චර්නොබිල් බලාගාරයේ මෑත කාලීනව සිදුවූ විකිරණ කාන්දුවීම් වැනි සිදුවීමක් වුවහොත් එය ලංකාවට සෘජුවම බලපාන බවයි.
මේ සම්බන්ධයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ගැටලූසහගත බවද එම ව්‍යාපාරයේ සම්බන්ධීකාරකවරු සඳහන් කර සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.