2012-12-19

ආබාධිත පුතුට හදි කල 76 හැවිරිදි පියා පොලිස් කූඩුවේ කූරු ගනියි


ඇවිද ගැනීමට නොහැකි හා කතාබහ කිරීමටද අපහසු ආබාධිත තම 22 හැවිරිදි පුතුට අස්වාභාවික අයුරින් බරපතළ ලිංගික අපචාරයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි 76 හැවිරිදි පියෙකු ලබන 28 දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ වැඩබලන මහේස්ත‍්‍රාත් එම්.එස්.එම්. මදාර් මහතා නියෝග කර තිබෙනවා. රිමාන්ඞ් කරන ලද්දේ කන්තලේ පේරාරු 2 ජනපදයේ පදිංචි දරුවන් දහ දෙනකුගේ පියෙකු යන නාහමන් වේලායුදන් (76) නමැත්තෙකි.
එකම ඉඩමේ සැකකරු හා ඔහුගේ බිරිඳ පදිංචිව ඇතත් බිරිඳ ආබාධිත පුතා සමග වෙනම ජීවත්වන අතර සැකකරු තවත් නිවසක තනිව ජීවත් වේ. බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු මෙම නින්දිත කි‍්‍රයාව සිදුකොට ඇති අතර සිද්ධියෙන් පසු නිවස අසලින් ගිය හඳුනන පුද්ගලයෙකුට තමාට වූ අකරතැබ්බය අතින් පයින් හා ඔහුට හැකි අන්දමින් පවසා ඇත. පසුව සිද්ධිය මවට දැන්වීමෙන් පසු මව වන රාණි අම්මා  (70) යන අය කන්තලේ පොලිසියට දන්වා ඇති බවද අධිකරණයේදී අනාවරණය වුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.