2012-12-19

රතු, සුදු, මාළු වැසි අතරට කහ වැස්සකුත්


වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ  ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් පවසනවා. ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව ඇති බව වාර්තා වනවා. එම බීකරය දෛනිකව පිරිසිදු කර නැවත සවිකරණ එකක් වනවා. මෙලෙස මෙම බීකරයේ පිරී ඇති ජලය කහ පැහැයෙන් යුක්ත වන අතර දූවිලි අංශු වැනි යමක් එහි දක්නට ලැබෙන බවද සිද්ධිය දුටුවන් පවසනවා. 
මෙම ජලය පරික්ෂාකර වාර්තාවක් ලබා‍ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දුන් බව ප්‍රදේශිය ලේකම්වරයා පවසනවා.  කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සුදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම හේතුවෙන් ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරනවා. 
මේ අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ රතු වැසි සහ වැස්ස සමග මාළු වැටුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.