2012-12-18

හබරණ සති පොළේ තිබී මළ සිරුරක් හමුවෙයි


හබරණ නගරයේ සතිපොළ ආසන්නයේ ගොඩනැඟිල්ලක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගැනුණා. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි. කෙසේවෙතත් ඔහු සති තුනක පමණ කාලයක සිට සති පොළ භූමියේ යාචකයෙකු ලෙසට හැසිරී තිබෙනවා. ඔහුගේ මළ සිරුර පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය පරීක්ෂණ පවත්වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.