මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය විභාගයට පෙර නිකුත්වී ඇති බව තහවුරු වී ඇතැයි පොලීසිය පවසනවා. ප්‍රශ්ණ පත්‍රය කලින් පිටවී ඇති බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා කර තිබෙන පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එ අනුව මේ බව අනාවරණය කර ගැනුණු බවයි පොලීසිය පවසන්නේ.
ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් විසින් විභාගට පෙර ලබාදුන් අනුමාන ප්‍රශ්ණ පත්රයකට ප්‍රශ්ණ දහනමයක් විභාගයට ඒ ආකාරයටම පැමිණ තිබීම නිසා එම ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රශ්ණ කළ ප්‍රශ්ණ කිරීම්වලදී මේ බව හෙළිවූ බවද පොලීසිය වැඩිදුරටත් පවසනවා.
ප්‍රශ්ණ පත්‍ර පිටකිරීමට සහාය ලබාදුන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිසීය පවසනවා.
Source: Lankacnews.com
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.