2012-12-23

විශේෂ සාපෙළ විභාගය පෙබරවාරියේ


අධික වර්ෂාව හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය හා සෞන්දර්ය ප‍්‍රශ්නවලට පෙනී සිටීම නොහැකි වූ අපේක්ෂකයන් වෙනුවෙන් ලබන පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ අදාළ විභාග මධ්‍යස්ථානවල ශාලාධිපතිවරුන් හරහා විභාගයට සහභාගි නොවූ අපේක්ෂකයන්ගේ වාර්තාවක් සකස් කරමින් ඇති බවයි. විභාග දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳ පැමිණිලි 30කට ආසන්න සංඛ්‍යාවක් ලැබුණු බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ. කෙසේ වෙතත් විභාගය පැවැත්වෙන දිනය නිශ්චිත ලෙස මෙතෙක් තීරණය කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.