ලබන වසරේ සිට මෙරටට පැමිණෙන විදේශිකයන් නියාමනය සඳහා නව ක‍්‍රමවේද හඳුන්වාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් වනවා. ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා පැවසුවේ සංචාරක වීසා ලබාගෙන මෙරටට ඇතුළු වන සංචාරකයන් ගමන් කරන ප‍්‍රදේශ පිළිබඳ තොරතුරු ලබාගැනීම එමගින් අපේක්ෂා කරන බවයි. මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත චීන ජාතිකයන් සියදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ කළ විමසුමකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා. එමෙන්ම විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන විදේශිකයන් යළි මෙරටට පැමිණීමට නොහැකි වන සේ අසාදු ලේඛනගත කරන බව ද ඔහු කියා සිටියා. ඉකුත්දා මෙරට සිට ජාත්‍යන්තර මූල්‍ය වංචා සිදුකළ නයිජීරියානු ජාතිකයන් මෙරට පැමිනීමේදී විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේ. මහජනතාවගෙන් ලැබෙන තොරතුරු අනුව නීතිවිරෝධී කි‍්‍රයා සිදුකරන විදේශිකයන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම මගින් අත්අඩංගුවට ගැනීම ද සිදුකරන බවයි චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේ.
2012-12-23
සංචාරකයින් නියාමනයට ලබන වසරේ සිට නව ක‍්‍රමවේද
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.