2012-12-23

බෝට්ටු සේවාව ප්‍රමිතියෙන් තොර නම් දැඩි නීති


නියමිත ප‍්‍රමිතීන්ට අනුකූලව සංචාරක බෝට්ටු සේවා කි‍්‍රයාත්මක කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ නීති දැඩිව කි‍්‍රයාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ආරක්ෂිත ජැකට් භාවිතා නොකරන සහ නියමිත ප‍්‍රමාණයට වඩා මගීන් බෝට්ටුවල රැගෙන යන පුද්ගලයන් එලෙස අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලාබදුන් බවයි. 
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් ද අප මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ජිවිත ආරක්‍ෂිත ජැකට් පැලඳීම අනිවාර්යය  බවට නීතියක් නොමැති බවයි. එබැවින් මෙවැනි ගමන් පිළිබඳ මහජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකකවරයා පෙන්වා දුන්නා. 



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.