තිස්සමහාරාම ප‍්‍රදේශයේ තිස්ස වැවේ බෝට්ටු සංචාරයකට ගොස් අනතුරට ලක්වු බෝට්ටුවේ ගමන් ගත පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු මෙතෙක් හමුවී නොමැති බව පොලිසිය පවසනවා. දියේ ගිලි මිය ගිය 05 දෙනෙකුගේ මෘත ශරීර ඊයේ පස්වරුවේ සොයා ගැනුණූ අතර එම මෘත ශරීර දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවයි පොලිසිය පැවසුවේ. අසාධ්‍ය තත්ත්වයෙන් තිස්සමහාරාම රෝහල වෙත ඇතුලත් කළ පුද්ගලයා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවු අතර එම අවස්ථාවේ පුද්ගලයින් 22 දෙනෙකු එම බෝට්ටුව තුළ ගමන් ගත්තා. එහෙත් සාමාන්‍යයෙන් එම බෝට්ටුව තුළ යා හැක්කේ පුද්ගලයින් 08 දෙනෙකුට පමණක් බවයි පොලිසිය පැවසුවේ. එහි සිටි ඇතැමෙකු බීමත්ව සිටි බව ද අනාවරණ වී තිබෙනවා. අනතුරට ලක්වුණේ හෝමාගම ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
2012-12-23
තිස්ස වැවේ බෝට්ටු අනතුර - දෙදෙනෙක් තවමත් අතුරුදන්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.