වැලි මිශ‍්‍ර දුඹුරු සීනි කිලෝ ලක්ෂ 8කට ආසන්න ප‍්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප‍්‍රදේශයේ ගබඩාවක තිබී අද සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එම අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සීනි තොගය සොයාගැනුණා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 800කට ආසන්නයි. බ‍්‍රසීලයෙන් ආනයනය කර ඇති මෙම සීනි තොගය කිලෝග‍්‍රෑම් 50 බැගින් වූ ගෝනි පහළොස්දහසක අසුරා තිබූ බවයි පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රදීප් කළුආරච්චි මහතා පැවසුවේ. සීනි තොගය ආනයනය කළ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමකට එරෙහිව නඩු පැවරීමට ද පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. පසුගිය සතියේ ද වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ ගබඩාවක තිබී වැලි මිශ‍්‍ර දුඹුරු සීනි තොගයක් සොයා ගැනුණා. එමෙන්ම පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ලූනු තොග ගබඩා කරගෙන සිටි තොග වෙළෙන්ඳන් කීපදෙනෙකු ද පසුගිය සතියේදී අත්අඩංගුවට ගත් බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. ඊට අමතරව පරිභෝජනයට නුසුදුසු අර්තාපල් භාවිත කරමින් ව්‍යංජන සකස් කළ දඹුල්ලේ ආපනශාලා 3කට පසුගිය සතියේදී මුද්‍රා තැබුණා.
2013-01-09
වැල්ලම්පිටියෙන් වැලි මිශ‍්‍ර සීනි කිලෝ ලක්ෂ 8ක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.