2013-02-20

පොලීසිය හා කොල්ල කල්ලියක් වැලිකන්දේදී ගැටුමක්


වැලිකන්ද ඔමඩියාමඩු ප‍්‍රදේශයේ දි පොලිසිය සහ කොල්ල කණ්ඩායමක් අතර ඊයේ රාත‍්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුවුණා. තුවාල ලැබු කොස්තාපල්වරයෙකු පොළොන්නරුව මහරෝහලේ ප‍්‍රතිකාර ලබනවා. වැලිකන්ද පොලිසියට අනියුක්තව සිටින එම කොස්තාපල්වරයා 63 333 පුංචිහේවා නමැත්තෙකු බවයි වාර්තා වන්නේ. 
ඔහු ඇතුළු කණ්ඩායමක් ඔමඩියාමඩු ප‍්‍රදේශයට ගොස් තිබෙන්නේ සන්නද්ධ කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහායි. වෙඩි හුවමාරු අවස්ථාවේ එම කල්ලියේ සියලූ දෙනා පලාගොස් තිබෙනවා. පසුව කළ සෝදිසියක දී ඔවුන්ට අයත් බව කියන යතුරු පැදියක්, හැඳුනුම්පත් 04ක් සහ ජංගම දුරකථන 04ක් ද සොයා ගැනුණු බවයි පොලිසිය පවසන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.