2013-04-16

ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍යට දුක හිතිලාලු

2012 වසරේ දි මානව හිමිකම් උල්ලංගණය වීමේ සිදුවීම් රැසක් ශ‍්‍රී ලංකාව තුළ සිදුව ඇතැයි බි‍්‍රතාන්‍ය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විලියම් හේග් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියා සිටියේ මාධ්‍යවේදීන්ට සහ නීතියේ ආධිපත්‍යයට ද බලපෑම් එල්ල වී ඇති බවයි. 2012 වර්ෂයට අදාලව මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන මැයෙන් විලියම් හේග් විසින් සකස් කළ වාර්තාවක මේ බව අන්තර්ගත වනවා. ඔහු අදාල වාර්තාව පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ. මාධ්‍යවේදී ප‍්‍රගිත් එක්නැලිගොඩ මහතා සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගනාදන් යන අය අතුරුදන් විම පිළිබඳව ද විලියම් හේග් අදාල වාර්තාවට ඇතුලත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවැත්වු පොලිස් පරික්‍ෂණවල කිසිඳු ප‍්‍රගතියක් නොමැති බවයි ඔහු එමඟින් පෙන්වා දී තිබෙන්නේ. සන්ඬේ ලීඩර් ප‍්‍රධාන කතෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ද විලියම් හේග් සිය වාර්තාවට කරුණු ඇතුලත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.