2013-04-30

පුතා මරා මවත් දිවි නසා ගන්න හදලා - මව අත්අඩංගුවට


තම සිව් හැවිරිදි පුතුට වස මිශ‍්‍ර කිරි පොවා තමන්ද එම කිරි පානය කර සිය දිවි නසා ගැනීමට උත්සහ කළ කාන්තාවක් කහටගස්දිගිලිය ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගැනුණා. ඉකුත් 21 වනදා රාත‍්‍රියේ මෙම කාන්තාව සිය සිව් හැවිරිදි දරුවාට වස මිශ‍්‍ර කිරි පොවා තිබෙනවා. ඉන් බරපතල ලෙස රෝගී වූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. කාන්තාව ද එම රෝහලේදීම දින කිහිපයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබා තිබෙනවා. පසුව සෞඛ්‍ය තත්වය යහපත් වීමෙන් පසු ඇය ඊයේ රෝහලෙන් පිටව ගියා. ඒ අනුව, අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. කෘමිනාශක කුඩු වර්ගයක් කිරි පිටි සමඟ මිශ‍්‍ර කර එම කාන්තාව සිය දරුවාට පොවා තිබෙනවා. ඇය සැමියා සමඟ ඇති කරගත් ආරවුලකින් පසු මෙලෙස දරුවාට වස පොවා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.